BREAKING NEWSEXCLUSIVEPOLITICS
රංජන් විකලාංග සායනයෙන් පසු රෝහල් ගත කරයි..!

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහු අද පෙරවරුවේ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කර තිබූ අතර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ ඔහුට නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතු බවටයි.
ඒ අනුව ඔහු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණය යටතේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කර සිටිනවා.