BREAKING NEWSEXCLUSIVE

‍රටම රවටා පාර්ලිමේන්තුවේදි රංජන් කළ වංචාව හෙළිවේ – කිසිඳු හඩපටයක් සභාගත කර නෑ

රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ දින (21) පාර්ලිමේන්තුව අමතා සිදු කළ ප්‍රකාශයක් අසත්‍ය බව වාර්තා වෙනවා.

එනම් තමන් සතුව තවත් හඬපට සහිත බවත්, ඒවා පාර්ලිමේන්තුවේදි සභාගත කරන බවත් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයයි.

කෙසේ වෙතත් රංජන් රාමනායක විසින් උපක්‍රමශීලිව එලෙසට ප්‍රකාශ කළද ඔහු විසින් කිසිඳු හඩපටයක් අඩංගු දෘඩ තැටියක් හෝ කිසිදු දෘඩාංගයක් පාර්ලිමේන්තුවට රැගෙන පැමිණි නැති බව වාර්තා වේ.

ඉන්පසුව ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් කිසිඳු හඬපටයක් සභාගත කර නොමැති බවත් වාර්තා වේ. ඔහුගේ කතාවෙන් පසු හඬපට සභාගත කරන්නේ නැතිදැයි ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ අවස්තාවේ සිනා සෙමින් සභාගැබෙන් නික්ම ගොස් තිබෙන බවත් වාර්තා වේ.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවට ලබා දී නැතැයි පාර්ලිමේන්තුවේ මුලසුනද තහවුරු කර සිටියේය.

රංජන් රාමනායකගේ ප්‍රකාශයෙන් පැයකට පමණ පසුව නැගී සිටි පොහොට්ටුව නියෝජනය කරනා රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මුලසුනෙන් විමසා සිටියේ රංජන් රාමනායක විසින් හඬපට එකක් හෝ සභාගත කර ඇතිද යන්නයි.

ඒ අවස්ථාවේ මුලසුනේ සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ ‘‘මා දන්නා තරමින් දීලා නෑ’’ යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button