BREAKING NEWSPOLITICS
රංජන් රාමනායක අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) අනුවගන්ති දෙක යටතේ අධිකරණ විනිශ්චකාරවරුන්ගේ කටයුතු වලට මැදිහත් වීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාව මෙලෙසින් අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා මෙලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න Lanka Mag වෙත මේ බව තහවුරු කළා.