“නාමල් කෑ ගහනවා වැඩියි, නාමල් ඇතුලට දාන්න” නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න රංජන් බලපෑම් කළ හැටි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවස පරීක්ෂා කර අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් හඬ පට අඩංගු සීඩි පටවල අඩංගු හඬ පට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කරමින් පවති.
සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරය අවභාවිතා කරමින් අධිකරණ විනිසුරුවන්ට, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට හා පොලිස් ප්‍රධානීන්ට බලපෑම් කරමින් නීතිය හැසිරවීම දේශපාලනීකරණය කළ අයුරු මෙම හඬපටයන්ගේ දැක්වේ.
එලෙසට අත්අඩංගුවට ගත් එක්තරා දුරකථන ඇමතුමක එවකට නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට බලපෑම් කළ අයුරු පටිගත වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පාට රංජන් රාමනායක එවකට නියෝජ්‍ය ඇමතිවරයා විසින් මෙලෙසට නියෝග ලබා දී තිබේ.
එම හඬපටය පහතින්,
සබැඳි පුවත් :