GOSSIP NEWSVIRAL NEWS

“පාර්ලිමේන්තුවට භාර දුන් හඬපට ආපසු ගත්තා, ඒවා හෙලිවුනොත් මට තවත් අවාසියි” රංජන්ගෙන් අලුත් කතාවක්

තමන් විසින් පාර්ලිමේන්තුවට භාර දුන් දුරකතන සංවාද හඬ පට කිහිපය ආපසු ලබා ගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එම හඬපට නැවතත් ලබා ගත්තේ තම නීතිඥයන්ගේ උපදෙස් මත බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

දුරකතන සංවාද 1500ක් පමණ ඇතුළත් සංයුක්ත තැටි 06ක් තමා පාර්ලිමේන්තු මැන්සාඩ් අංශයට භාර දුන් බවත් පසුව කම නීතීඥයන්ගේ උපදෙස් පරිදි ඒවා නැවත ලබාගෙන පුද්ගලික ස්ථානය සුරක්ෂිතව තැබීමට පියවර ගත් බවත් මෙහිදී ඔහු සඳහන් කළා.

මෙම දුරකතන සංවාද තමාට අවාසි වන ආකාරයෙන් නඩු කටයුතුවලදී භාවිතා කිරීමට ඉඩ තිබෙන නිසා නීති උපදෙස් මත මෙම කටයුත්ත සිදු කළ බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button