රංජන් රාමනායකගේ දුරකථන ඇමතුම් ලක්ෂයක් සී.අයි.ඩීයට – රහස් රැසක් ලීක්

රංජන් රාමනායකගේ මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසය වැටලීමෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත කළ සී.ඩි තැඩි පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවති.
රංජන් රාමනායක විසින් ඔහු විසින් ලබා ගන්නා සහ ඔහුට පැමිණෙන සියලූම දුරකථන ඇමතුම් පටිගත කර තිබෙනා අතර එම හඬපට සියල්ල ඔහු විසින් සී.ඩි දෘඩ තැටි වලට ලබාගෙන තිබුනි.
පසුගියදා රංජන් රාමනායකගේ මාදිවල පිහිටි මන්ත්‍රී නිල නිවාසය පරීක්ෂා කළ පොලීසිය මෙම සී.ඩි පට අත්අඩංගුවට ගත් අතර දැන් ඒ පිළිබඳව පරීක්ෂණ කරමින් පවතී.
එහිදී රංජන් රාමනායක විසින් නඩු වලින් ගැලවීම උදෙසා විනිසුරුවන්ට දුරකථනයෙන් අමතා උපදෙස් ලබා දීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්ට බලපෑම් කිරීම සහ ලිංගික කටයුතු සඳහා බාල වයස්කරුවන් ගෙන්වා ගැනීම වැනි කටයුතු සඳහා ඔහු ලබා දුන් දුරකථන ඇමතුම් වල හඬපට මෙම සීඩි දෘඩ පට වල අඩංගු වේ.
එම දුරකථන ඇමතුම් එකින් එක මේ වන විට සමාජාජාලා මාධ්‍ය හරහා මුදා හැරෙමින් පවතී.