“මන් වැඩේ කරලා දෙන්නම්” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් රංජන් ඉදිරියේ නීතිය නවපු හැටි.! (AUDIO)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසය වැටලීමෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත කළ සී.ඩි තැඩි පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවති.
රංජන් රාමනායක විසින් ඔහු විසින් ලබා ගන්නා සහ ඔහුට පැමිණෙන සියලූම දුරකථන ඇමතුම් පටිගත කර තිබෙනා අතර එම හඬපට සියල්ල ඔහු විසින් සී.ඩි දෘඩ තැටි වලට ලබාගෙන තිබුනි.
එහිදී මන්ත්‍රීවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ සමයේ අධිකරණ විනිසුරුවන්ට, පොලිස් ප්‍රධානීන්ට ආදිය දුරකථනයෙන් අමතා බලපෑම් කළ අයුරු මෙම හඬපටයන්ගේ පටිගත වී තිබේ.
එහිදි මන්ත්‍රීවරයා විසින් සිය බලතල අවභාවිතා කරමින් නීතිය අතට ගෙන ඇති බවට සාක්ෂි හමුවී තිබෙනා අතර පසුගිය සමයේ අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය දැඩි ලෙස දේශපාලනීකරණය වී තිබූ බවට සාක්ෂි හමුව තිබේ.
එලෙසට රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියකට අමතා නඩු තීන්දු සම්බන්ධයෙන් සාකච්ඡා කළ දුරකථන ඇමතුමක හඬපටයන් සමාජජාලා මාධ්‍යයට මුදාහැර තිබේ.
එම හඬපටය පහතින්,
සබැඳි පුවත් :
රංජන් රාමනායකගේ දුරකථන ඇමතුම් ලක්ෂයක් සී.අයි.ඩීයට – රහස් රැසක් ලීක්
රංජන්ගේ නිවසින් හමුවූ හොර බඩු අතර අධිකරණ විනිසුරුවන්ට,පොලිස් ලොක්කන්ට තර්ජනය කළ හඬ පට
“ඔයා දුමින්දට මරණ දඬුවම දෙන්නම ඕන” රංජන් සහ හිරුණිකා දුමින්ද සිල්වා නඩුවේ විනිසුරුවෙකුට බලපෑම් කළ හැටි.! (AUDIO)
“නාමල් කෑ ගහනවා වැඩියි, නාමල් ඇතුලට දාන්න” නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න රංජන් බලපෑම් කළ හැටි