“ආණ්ඩුව බේරගන්න පැයකට හරි ගෝඨා ඇතුලට දාන්න” රංජන් විනිසුරු ගිහාන් පිලපිටිය සමග කළ කුමන්ත්රණයේ හඬපටිය මෙන්න.!

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරනා ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් මාධ්‍යයට නිකුත් වී තිබේ.
මෙහිදී එවකට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමග ගිහාන් පිලපිටිය කොළඹ ප්‍රධාන විනිසුරුවරයා පවසන්නේ තමන් ඉල්ලා සිටින ලෙසට පැමිණිලි කළහොත් රංජන් රාමනායකට අවශ්‍ය පරිදි සැකකරුවන් සිරගත කළ හැකි බවයි.
එහිදි ගිහාන් පිලපිටිය සහ රංජන් රාමනායක ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම පිළිබඳව සාකච්ඡා කරන අතර, පසුගිය රජයේ ශ්රීලනිපය නියෝජනය කරමින් අමාත්‍යධූරයක් දැරූ ඒ.එච්.එම් ෆවුසී සිරගත කිරීම පිළිබඳවද සාකච්ඡා කරයි.
මෙහිදී ගිහාන් පිලපිටිය රංජන් රාමනායකට අවශ්‍ය පරිදි තීන්දු දිය හැකි බවත් ඒ සඳහා සාකච්ඡා කළ යුතු බවත් පවසනවා.
ගිහාන් පිලපිටිය තවමත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනා අතර ඔහු විසින් නීතිවිරෝධි කටයුතු වල නිරත වන අයුරු දැක්වෙන මෙම හඬ පට නිකුත් වූවද තවමත් ධූරයෙන් ඉල්ලා අස් වී නොමැත.