BREAKING NEWSEXCLUSIVE

“හඬපට සභාගත කිරීමට ඇප අවශ්‍යයි” රංජන් නිදහසට කරුණු කියයි

තමා පටිගත කරන ලද හඬපට 120,000 ක් පමණ එක්තරා බැංකුවක තැන්පත් කර තිබෙන බවත් තමාට දින දෙකකට අධිකරණයෙන් ඇප ලබා දෙන්නේ නම් ඒ සියල්ල රැගෙන විත් පාර්ලිමේන්තුවේ සභාගත කළ හැකි බව එජාප මන්ත‍්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) ප්‍රකාශ කළේය.

අදාළ හඬපට මෙතෙක් සභාකර නැත්තේ රාජ්‍ය ඇමැති කංචන විජේසේකර සිදුකළ ප්‍රශ්න විමසීමකදී රන්ජන් රාමනායක මේ බව සඳහන් කළේය.

එහිදී ඇතිවූ සංවාදය

රාජ්‍ය ඇමති කංචන විජේසේකර : රංජන් රාමනායක මහතාගේ ඊයේ කතාවේදී පැවසුවා තමා සතු සියලූම දුරකථන සංවාදවල හඬපට සභාගත කරනවා කියලා. මම දැනගන්න කැමතියි මේ වනවිටත් ඒවා සභාගත කර තිබෙනවාද කියලා.

මොකද නැත්නම් මෙතැන සිටි සහ නොසිටි මන්ත‍්‍රීවරුන් විශාල ප‍්‍රමාණයක් අසීරුතාවට පත්වෙනවා. අපි ළඟ තිබුණු සාක්ෂි ඉදිරිපත් කළා. චෝදනාවලට පමණක් සීමා කළේ නෑ.

බැඳුම්කරයට අදාළ සාක්ෂි සියල්ල ලබා දුන්නා. ඒ නිසා එතුමා සභාගත කරපු ඒවා තිබෙනවා නම් අපටත් ලබා දෙන්න ඒවා පරිශීලනය කරන්න. නැත්නම් වැරදි මතයක් රටට යනවා.

එක දුරකථන ඇමතුමක් මෙතුමා මට ලබාදුන්නා. ඒ හඬපටයත් නිකුත් කරන්න. මොකද මෙතුමා චෝදනා ගණනාවක් කළා.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා: මේ දැනටත් පාවිච්චි කරන්නේ 120,000ක පමණ වන මගේ හඬපට. හැමතැනම ඒවා ප‍්‍රචාරය වෙනවා. ඒ මගේ හඬපට. ඒවා පොලිසියට අරගත්තු ඒවා.

හඬපට, හාඩ් ඩිස්ක් අටක්, ලැප්ටොප් එකක්, මගේ ෆෝන් හතරක් ගත්තා. මම දැන් ඉන්නේ රිමාන්ඞ් බන්ධනාගාරයේ. ඒ සංයුත්ත තැටි එක්තරා බැංකුවක ලොකර් එකක තිබෙනවා.

මේ සියලූම හඬපට මගේ ළඟ තිබෙනවා. මගේ පූර්ණ සහයෝගය දෙනවා. අදටත් පාවිච්චි කරන්නේ මගේ හඬපට. විශාල හඬපට ප‍්‍රමාණයක් තිබෙන නිසා ඒවා බැකප් කර ගන්න සිංගප්පූරුවට ගෙන ගොස් තිබෙනවා.

ඒනිසා විශාල හඬපට සංඛ්‍යාවක් ගබඩා කර තබන්න තාක්ෂණය මගේ ළඟ නෑ. අපේ පොඩි ලැප්ටෝප් තියෙන්නේ. මම එළියේ හිටියේ නම් මේ දැන් වැඩේ කරලා ගෙනත් දෙනවා. මම මෙතනින් යන්නේ කූඩුවට. දැනට මගේ ලේකම්වරයාට ඒ හඬපට කීපයක් ලබාදීලා තියෙනවා.

කංචන විජේසේකර මහතා- මෙතුමාට විශේෂ අවසරයක් ලබාදීලා, ඒ බැංකුවට ගිහින් ඒ තැන්පත් කරපුවා ලබා ගන්න. ඒ වගේම එතුමාගේ මූලික හඬපටය පොලිසිය බාරයට ගැනීමෙන් පසු සතියක පමණ කාලයක් මෙතුමා නිදහසේ සිටියා.

ඒ කාලය තුළ මෙම තැන්පත්කර තිබූ හඬපට ගන්න බැරිවුණේ ද කියන සැකය මතුවෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button