“ඔහු ඇමතුම් රෙකොර්ඩ් කරන බව දැන සිටියා, එම නිසා කතා කලේ නෑ” රංජන්ගේ හඬපට ගැන කලාකරුවන් අදහස් දක්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථන ඇමතුම් හඬපට සමාජජාලා මාධ්‍යයන්ට නිකුත් වීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.
දේශපාලනය, අධිකරණයට අතපෙවීම්, ගණිකා ජාවාරම මෙන්ම කලා ලොවට සම්බන්ධ රහස් රැසක්ද මෙම හඬපටි ඔස්සේ හෙළිවුනි.
මේ පිළිබඳව දිනපතා පුවත්පතකින් කලාකරුවන්ගෙන් තොරතුරු විමසා තිබුනා. ඔවුන්ගේ ප්‍රතිචාර පහතින්,
“හඬ පට අනුව කාටත් තේරුම් යන්නේ දොර විවෘත කරගෙන ඔහු වැසිකිළි ගිය ආකාරය”
– කමල් අද්දරආරච්චි-
“කලාව ගරුබුහුමන් ලැබෙන ආකාරයට රැකගත යුතුයි. කලාකරුවෙකු එම වගකීම පැහැර හැරීම තුළින් කලාකරුවා තුළ වැරදි ආකල්ප ඇති වෙනවා. එම නිසා ඔහු කලාව රැකගෙන කි‍්‍රයා කළ යුතුයි. කලාව ගරු බුහුමුන් ලැබෙන උසස් මට්ටමක පවතින බව සිහි තබා ගැනීම වැදගත්.”
– ප්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා –
“අහක යන කුණු කතාවක් වගේම මේක අහක යන කුණු ගොඩක්. මේ ගැන ප්‍රකාශ නිකුත් කිරීමට මගේ අදහසක් නැහැ.”
– ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී –
“රන්ජන්ගේ හඬ පට පිළිබඳ කෙරෙන කතාබහ ගැන තමා නිහඬ වනවා.”
– චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු වන ඩොනල්ඞ් ජයන්ත –
“රන්ජන් රාමනායක ඉතා හොඳ රංගන ශිල්පියෙක්. ඔහු දේශපාලනයෙන් බැහැරව සිනමාව පමණක් කළේ නම් ඉතා හොඳ ගමනක් ඔහුට යාමට හැකිව තිබුණා.”
– වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක සිසිල් ගුණසේකර මහතා –
“රන්ජන්ගේ ප්රශ්නය තුළින් අනවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මගේ අදහසක් නැහැ.”
– රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා –
“රන්ජන් රාමනායකට තිබෙන්නේ මාධ්‍ය සාකච්ඡාවලදී තිබෙන ප්‍රතිරූපය නොවෙයි. ඔහු කාන්තාවන් දෙස බලන ආකාරය දැන් හොඳට තහවුරු වෙලා තිබෙනවා.
රන්ජන්ගේ දුරකථන කතා බහ හරියට ළිඳ ළඟ සංගමය වගෙයි. රන්ජන් කවුද කියලා සැබෑ තත්ත්වය හෙළිවුණා. රන්ජන් සමග යම්කිසි කෙනෙකු දුරකථනයෙන් කතා කරන්නේ යම්කිසි විශ්වාසයක් මතයි. ඔහු ඔවුන්ගේ විශ්වාසය කඩා බිඳ දැම්මා. රන්ජන් සමග දුරකථනයෙන් මා කතා කරන්නේ නැහැ. හේතුව ඔහු ඒවා පටිගත කරන බව මට විශ්වාසයක් තිබුණා.
රන්ජන් දිහා කොළ පාට කණ්ණාඩියෙන් බලන අයට ඔහු හොඳ වෙන්න පුළුවන්.”
-උපේක්ෂා ස්වර්ණමාලි –
“ඇතැම් දේශපාලනඥයන්ගේ කි‍්‍රයා කලාප අනුව රන්ජන් ගැන කියන්න දෙයක් නැහැ.”
-චිත්‍රපට අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරිය-