BREAKING NEWSEXCLUSIVE

“වයස 19ක තරුණියක් ගෙන්වා ගත්තේ හොරු ගැන තොරතුරු ගන්න” රංජන් කියයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පටිගත කළ ඔහුගේ දුරකථන ඇමතුම් අඩංගු දෘඩ තැටි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මේ වනවිට එම ඇමතුම් කිහිපයක් මාධ්‍යයට නිකුත් වී තිබේ.

ඒ අතරින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා යම් කාන්තාවකට අමතා තරුණියක් නිවසට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන හඬපටයක්ද කතාබහට ලක්ව තිබේ.

මෙම තරුණිය වයස අවුරුදු 19ක තරුණියක් බව අදාල කාන්තාව රංජන් රාමනායක මන්ත්‍රීවරයාට පවසන අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරළා ප්‍රශ්න කරන්නේ ඇය සුදු දැයි යන්නය.

කෙසේ වෙතත් එම හඩපටය නිකුත් වීමත් සමග සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙන රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙන්නේ එලෙසට වයස අවුරුදු 19ක තරුණියක් ගෙන්වා ගත්තේ අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්, අපරාධකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ ඔවුන්ගේ පෙම්වතියන් බවත්ය.

රංජන්ගේ ෆේස්බුක් සටහන පහතින්,

 

එම හඬපටය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button