ගෝඨාගේ වැඩේ කරගෙන යන්න දෙන්න, ගෝඨාගේ වැඩ මරු, ඒවට මම ඩබල් සැලුට් ගහනවා – රන්ජන් රාමනායක

පසුගිය ජනාධිපතිවරණ පරාජයට රටේ ජනතාව තුළ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීම ප්රධානතම හේතුව වු බවත් ඔහු ප්රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන විත් සිදු කළ පූර්වාදර්ශයට තමන් කැමති බවත් නමුත් පුද්ගලයන් විශේෂිකරණය කරමින් නීතියෙන් දඬුවම් පැමිණවීමට තමන් එකඟ නොවන බවත්ය.
ජනාධිපතිවරණය සමයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කර සිදු කළ ප්රකාශ සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි කෝලිට කොච්චර බණිනවද ඒ කිසි වරදක් කරලා නෙවේනේ..
ඒ වගේ ජනාධිපතිවරණයේ දී අපි අපේ අපේක්ෂකයා දිනවීමට කළ හැකි සෑම දේම කරනවා.
මේ දේවල් කාලකණ්නි කරන්න හොඳ නෑ..ජනාධිපතිතුමාට නිවී සැනසිල්ලේ අවුරුද්දක් දෙකක් තමුන්ගේ චින්තනය කරගන්න ඉඩ දෙන්න ඕනේ..
එතුමා ළඟදී ආර් එම් වී එකට ගියානේ..ඒක මරු වැඩක්. ඒ වගේ වැඩවලට මම ඩබල් සැලුට් ගහනවා..”
කාලකන්නි කරන්නේ නැතුව ජනාධිපතිට වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ – රන්ජන්
කාලකන්නි කරන්නේ නැතුව ජනාධිපතිට වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ – රන්ජන්
Geplaatst door Ada Derana Sinhala op Zondag 29 december 2019