BREAKING NEWSEXCLUSIVE
මැතිවරණ වගකීමෙන් ලිස්සා යන්න රනිල්ගෙන් ගැටයක් – එජාපයේ අගමැති අපේක්ෂකයා කරූ ?

එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්තී්රවරුන් පිරිසක් නායක රනිල් වික්රමසිංහගේ පණිවිඩයක් රැගෙන හිටපු කථානායක කරූ ජයසූරිය හමුවී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ, ඉදිරි මහ මැතිවරණයේ මෙහෙයුම් කටයුතු භාරගෙන එක්සත් ජාතික පක්ෂයේ අගමැති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් කිරීමටයි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර සහ දයා ගමගේ යන හිටපු පාර්ලිමේන්තු මන්ති්රවරුන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.
ඊට ප්රතිචාර දක්වමින් කරූ ජයසූරිය සදහන් කර ඇත්තේ තමන් ඒ පිළිබද සලකා බලා පසුව සිය තීරණය දැනුම් දෙන බවයි.
කථානායක නිල නිවසේදී කරු ජයසූරිය හමුවී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී්රවරුන් පිරිස මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.