GOSSIP NEWSVIRAL NEWS

ඇමෙරිකානු සැලසුම වරදියි – මහේෂ්ගේ ආගමනයෙන් කැඩෙන්නේ සජිත්ගේ ඡන්ද.!

මෙවර ජනාධිපතිවරණයට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීම අප මින්පෙර වාර්තා කළෙමු.

2010 – 2015 කාල සීමාවේදි ශ්‍රී ලංකාව හැර ගොස් ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙනුවෙන් සේවය කළ මහේෂ් සේනානායක 2015 නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අවශ්‍යතාවය මත ඒ මහතාට හමුදාපතිධූරය හිමි වුනි.

මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය බලාපොරොත්තු වන්නේ සිංහල, නාගරික, මධ්‍යපාන්තික ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් බිඳ දැමීම බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට ෆේස්බුක් සමාජජාලාවන්ගේ සිදු කෙරෙමින් පැවැත්වෙන මත විමසීම් වලට අනුකූලව සිදුව ඇත්තේ එයට හාත්පසින්ම දෙයක් බව සඳහන්.

එනම් මහේෂ් සේනානායකගේ ආගමනයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද පදනමෙහි කිසිඳු වෙනස්වීමක් සිදු නොවුනත් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ඡන්ද පදනම සීග්‍රයෙන් දියාරු වෙමින් පැවතීමයි.

සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයන්, ජවිපෙ පාක්ෂිකයන් හා දැඩි රාජපක්ෂ විරෝධි දේශපාලනයක නිරත සිවිල් සංවිධාන පුද්ගලයන් පවා සජිත් හා අනුර අමතක කොට මහේෂ් සේනානායක ඉදිරියේ ඡන්දය භාවිතා කර තිබීම විශේෂත්වයක්.

මේ දැඩි රැඩිකල්, නිරාගමික සමූහයක් ලෙසින් ප්‍රසිද්ධ තුලාව ෆේස්බුක් සමූහයේ සිදු කෙරෙන සමාජජාලා මත විමසුමක්.

එහිදි 50%කට වඩා ගෝඨාභය ඡන්ද ලබා සිටියදී අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස ඉතාමත් පහලට ඇද දමමින් මහේෂ් සේනානායක දෙවෙනි ස්ථානය දිනා ගැනීම විශේෂත්වයක්.

ජනපති මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළ ඔෂල හේරත් සිදු කළ මෙම මත විමසූමේදීත් සිදුව ඇත්තේ එයමයි.

මේ දැඩි එජාප පාක්ෂිකයන් මහේෂ් සේනානායකගේ ආගමනයෙන් පසු සජිත් ප්‍රේමදාස අතහැර මහේෂ් සේනානායකට සහය දක්වා තිබූ අයුරු,

මේ අනුව මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ සිවිල් සංවිධාන බලාපොරොත්තු වූ ගෝඨාභයගේ ඡන්ද කැඩීම ඔවුන්ටම පාරාවලල්ලක් වී නැවත කරකැවී පැමිණ තිබෙන බවත් එමගින් සැබැවින්ම බිඳ වැටි ඇත්තේ එජාප සහ ජවිපෙ ඡන්ද බවත් එ‍ය ගෝඨාගේ ජයග්‍රහණය පහසු කරවන්නක් වනු ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

මහේෂ් සේනානායකට මුදල් අනුග්‍රහය ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලබා දුන්නද ඔහු ඉදිරිපත් කරනා NPM සිවිල් සංවිධානය අගමැති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතී ඒ ටී ආරියරත්න මහතාගේ සංවිධානයකි.

අගමැති රනිල් වික්‍රමසිංහට මෙතෙක් සහය දුන් TNL නාළිකාව එක්වරම ගෝඨාභයට සහය දෙමින් සිටීමත්, එජාපයේ ඡන්ද පදනම දියාරු කරමින් මහේෂ් සේනානායක මතුවීමෙනුත් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස පරාජය කරවීමට එජාප නායකයාට අවශ්‍යතාවයක් ඇත්දැයිද සමාජයේ කතාබහක් මතුව තිබේ.

ජනපතිවරණයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පරාජය වුවහොත් රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායකධූරයට කිසිඳු අභියෝගයක් එල්ල නොවීමත්, සජිත් ජයග්‍රහණය කළහොත් රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් වීමත් සළකා බැලිය යුතු සාධකයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button