BREAKING NEWSEXCLUSIVE

රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) පෙරවරුවේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහායි රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පත්වූයේ.

දීර්ඝ කාලයක සිට එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට එම පක්ෂය පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කිරීමට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button