BREAKING NEWSEXCLUSIVE

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය රනිල් ලබා ගැනීමට යයි

පසුගිය මැතිවරණයෙන් දැඩි සෝදාපාලුවට ලක්වූ එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එක් ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් පමණයි.

එම එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සිය අනුදැනුමකින් තොරව ලැබෙන ලිපි පිළි නොගන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

සිය පක්ෂ නායකත්වය තහවුරු කර ගැනීම සඳහා මෙම මන්ත්‍රීධූරය වැදගත් බැවින් රනිල් වික්‍රමසිංහ මෙලෙසට පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට හිටපු කථානායක කරූ ජයසූරියද එජාප නායකත්ව සටනට පිවිස තිබේ.

මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය වලට පිළිතුරු නොදී සැඟවී සිටීමට කටයුතු කරමින් සිටී.

එජාප නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන උග්‍ර සටන හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නාකත්වයේ කටයුතු කිරීමට සාකච්ඡා වෙමින් පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

සබැඳි පුවත් :

එජාප නායකත්වයට කරූ ජයසූරිය සුදානම් – වයස නිසා නවකයන්ගෙන් කැපිල්ලක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button