BREAKING NEWSEXCLUSIVE
පාර්ලිමේන්තුවේ සජිත් අසළ අසුන් ගැනීම රනිල් ප්‍රතික්ෂේප කරයි

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පනවා ඇති අසුන ආසන්න අසුනේ අසුන් ගැනීම එජාප නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායක විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ තමන්ට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගෙන් ඈත්වූ අසුනක් ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා සිටීමත් සමගය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාට වෙන් වන්නේ විපක්ෂයේ මුල් අසුනේ සිට අටවැනි ආසන වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාටය අද වෙන් කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව හත්වැනි අසුන ලබා දිය යුතු වුවද ඔහු එය ප්‍රතික්ෂේප කිරීම මත 09 වැනි ආසනය ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා අතර මන්ත්‍රීවරුන් ගමන් කිරීම සඳහා ඇති තීරුවකින්ද වෙන් වී ඇත. වික්‍රමසිංහ මහතා යාබද අසුනේ අසුන් ගන්නේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාය.