GOSSIP NEWSVIRAL NEWS

බටලන්දේ සිට වසර 25ක පරාජිත මතක ඉතිරි කරමින් රනිල් වික්‍රමසිංහ දේශපාලනයට සමුදීමට සුදානම්.!

එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලනයට සමු දීමට සුදානම් වී තිබෙන බව වාර්තා වෙයි.

මේ අනුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන්ද රනිල් වික්‍රමසිංහ ඉවත් වීමට තීරණය කර ඇති බව එම ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව එළැඹෙන නත්තලට පෙර එජාපයට නව නායකයෙක් පක්ෂය සඳහා පත් කිරීමට සූදානමින් සිටි. බොහෝ දුරට ඒ කරූ ජයසූරිය විය හැකි බවද වාර්තා වේ.

හැත්තෑ හැවිරිදි රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයට පත් වූයේ 1994 වසරේදීය. 1999 සහ 2005 වසර වල ජනපතිවරණ වල එජාප අපේක්ෂක ලෙස තරග කර ඔහු පරාජය වූවා.

ඉන්පසුව පැවැති ජනපතිවරණ තුනටම තමන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවී වෙනත් අපේක්ෂකයන් ඉදිරිපත් කර බලය ලබා ගැනීමට ඔහු උත්සාහ කළා.

මින් අමතරව ඔහුගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවේ විශාලතම පක්ෂයක් වූ එජාපයට වසර 25කට පූර්ණ රාජ්‍ය බලයක් ලබා ගැනීමට නොහැකි වුවා.

2001 වසරේදී අගමැතිවරයා ලෙස පත්වූ එල්. ටි.ටී.ඊ සංවිධානය සමග සාම ගිවිසුම අත්සන් කළ ඔහුට 2004දී නැවත තනතුර හැර යාමට සිදු වුනා. ඉන්පසුව 2015 වසරේදි නැවතත් අගමැති ලෙස පත්වූ නමුත් එහිදීද ඔහුට පූර්ණ ධූර කාලයක් ගත කිරීමට අවස්තාව හිමි වූයේ නැහැ.

දැඩි විවේචනයක් වූ එල්ල වූ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන ඒම, බටලන්ද වදකාගාරය පවත්වා ගෙන යාම රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිවියේ අමතක නොවන මතක ලෙස සඳහන් කළ හැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button