BREAKING NEWSEXCLUSIVE
කෘත්‍යාධිකාරියට නව සාමාජිකයන් පත් කරන රනිල්ගේ නව උපක්‍රමයෙන් සජිත් පසුබසියි – එජාප නව නායක රනිල්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය කෘත්‍යාධිකාරී මණ්ඩල ඡන්දයකින් තෝරා ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
කෙසේ වෙතත් දෙසැම්බර් මස 31 වනදායින් නිල කාලය අවසන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමෙන් පසුව මෙම ඡන්ද විමසීම පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
ඒ අනුව නව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැරණි කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කළ සජිත් පිලේ සාමාජිකයන් පිරිස පත් නොකර ඉවත් කරන බවද, පුරප්පාඩු සදහා රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ පිරිසක් පත් කරනු ඇතැයිද එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් පසුව පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ඡන්දයක් පැවැත්වීමටද නම් සූදානම් බව එජාප නායකයා විසින් සඳහන් කර ඇත.
මේ අනුව ඡන්දයෙන් පසූවද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහටම හිමිවන බව වාර්තා වේ.