OFF ROADSOCIAL MEDIA PICKS

රනිල්ගේ ඡන්දයත් ගෝඨාට

මෙවර ජනාධිපතිවරණය උදෙසා එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි බෙදීමක් හට ගත්තා.

අවසානයේ එජාපයේ ජනපතිවරණ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුවද, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය සැබැවින්ම සජිත් ප්‍රේමදාසට හිමිවේදැයි යන්න ගැටලුවකි.

මන්ද එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණය ජයග්‍රහණය කළ හොත් එජාප නායක රනිල් වික්‍රමසිංහට එජාප නායකත්වය සහ අගමැති ධූරය ධුරය අහිමි වීම නියත කරුණක් නිසා.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරු ශාන් වික්‍රමසිංහට අයත් ටී එන් එල් නාලිකාව එක්වරම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට පටන් ගැනීමත් මෙම සැකය තීව්‍ර කරන්නක්.

මේ පිළිබඳව රත්න දෙනියෙ මේධානන්ද හිමියන් ලියූ දේශපාලන විචාරයක් අද Lanka Mag – Social Media Picks තුලින්,

සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය අකැමැත්තෙන් දෙන්න රනිල්ට සිදු වුණා. ඔහු අන්තිම මොහොත වෙනකම් නොදී ඉන්න පොර බැදුවත් මහරාජාගේ දීර්ඝ කාලින මෙහෙයුමක ප්‍රතිඵලයෙන් ඔහු හුදකලා වුණා. නමුත් ඔහු සෑහෙන්න හෙට්ටු කරලා දුන්නේ පක්ෂ නායකත්වය තියාගෙන 2020 ජනාධිපති අපේක්ෂකත්වය විතරයි. සජිත්ගේ තදියම ඉවර කළ හැක්කේ ඔහු තරගයට දමා පරාජය කිරීමෙන්. වෙන විකල්පයකට කිසි ඉඩක් නොදුන් තැන රනිල් තෝරා ගත් උපක්‍රමය එයයි. දැන් සජිත්ට අනාගතයක් තියෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය පරදා ජයග්‍රහණය කලොත් පමණයි. පැරදුනොත් සජිත්ටත් බැරි බව පාක්ෂිකයන්ට අවබෝධ කරවලා රනිල් දිගටම යාවජීව පක්ෂ නායකත්වයේ රැදෙනවා.

මෙතන අපුරු දේශපලානයකුත් වෙනවා. ශාන් වික්‍රමසිංහගේ TNL සජිත්ව පරාජය කිරීමට කටයුතු කිරීම. ඔවුන්ගේ දේශපාලන තීරණය නිවැරදියි. රනිල් තවදුරටත් පක්ෂ නායකත්වයේ රදවා ගන්න නම් ගෝටාභය දිනවා සජිත්ව පරාජය කළ යුතුයි. එසේ නොවුණොත් වෙන්නේ මහින්ද බලයට ආවම චන්ද්‍රිකා අවලංගු කාසියක් වුණා වගේම රනිල්ටත් අවලංගු කාසියක් වෙන්න. සියල්ලෝම රනිල් අතහැර සජිත්ගේ සමීපතමයන් වෙන්න තරගයක් දෙනවා.කෙසේ හෝ සජිත් පරාජය කළයුතු වෙනවා. ඒ ඇයි ද කියලා මම සජිත් ප්‍රේමදාස හා මහරාජා ව්‍යාපෘතිය නමින් වෙනම විස්තරාත්මක ලිපියක් ලියා තිබෙනවා. තවමත් නොකියවපු කෙනෙක් අනිවාර්යෙන්ම එම ලිපිය කියවා බලන්න කියාත් යෝජනා කරනවා.

සජිත් නෙමෙයි මොකා ආවත් ගේමක් නැහැ වගේ උද්දච්ඡ මානසිකත්වය නැතුව ගන්න පුළුවන් හැම අවදානමක්ම අරගෙන සජිත්ව පරාජය කිරීම අවශ්‍ය වෙනවා. Gotabaya Rajapaksa මහතා කරන්න ඕන දෙයක් තමයි සෝසල් මිඩියා භාරකරුවන් යැයි පෙනී ඉන්න අල්පශ්‍රැත සෙල්ෆි කණ්ඩායම් ගැන වැඩි විශ්වාසය නොතබා සිරස කැම්පේන් එකට ඔරොත්තු දියහැකි, මහජන මතයට බලපෑම් කළ හැකි පිරිසක් තෝරා ගැනීම. අන් සියල්ලටම වඩා දැන් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය බැහැර කළ නොහැකි තැනකට ඇවිත්. අද සමාජයට අණදෙන නිලධාරීයා බවට පත්වී තිබෙන්නේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලයි.

එනිසා ජනාධිපතිවරණය වැනි සුවිශේෂ ඡන්දයක ජය පරාජය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්වන්නේ සමාජ මාධ්‍යයි. එය බාරදිය යුත්තේ ඡන්ද පහක් හරවා ගැනීමට ලිපි කටුවක්වත් ලිවීමට නොහැකි ලඝු සහ පටු අරමුණුවලින් රාජපක්ෂ කදවුරට සේන්දු වී සිටින සෙල්ෆි ඔස්තාර්ලට නොවේ. නමුත් අවාසනාවකට රාජපක්ෂවරු වසා පැතිරී, අනෙකුන්ට කිට්ටුවිය නොහැකි ලෙස පාර වසාගෙන ඉන්නේ සෙල්ෆි ගැනීමට තරම් වෙනත් කිසිවකට දක්ෂ නැති පිරිසක්. ඔවුන්ට වැජඹී ඉන්න හැකි වී ඇත්තේ Copy- paste පහසුකමට පිං සිදු වන්නටයි.

Ranil Wickremesinghe ගේ ඡන්දය පවා සජිත්ට නොවැටෙන පසුබිමක දැනට භු දේශපාලනය හැම අතින්ම අපිට වාසි බව පේනවා. ඒත් ඉදිරි කාලයේ කරුමට මොස්ගසුත් පත්තුවෙන ආකාරයට භූ දේශපාලනය වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා කෝකටත් දිනේෂ් වගේ කෙනෙක් ස්වාධින අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා දී සුදානම් ශරීරයෙන් තියා ගන්න එක හොදයි. මොකද අන්තිම මොහොතේ මොකක් හරි හේතුවක් මත ගෝටාභයගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම ඇතුළු කිහිපයක් ප්‍රතික්ෂේප වුනා.

වරක් එජාපයටත් කොළොඹ මහ නගරසභාව කණ්ණාඩිකාරයෙකුට දෙන්න වුණා. ඒ නිසා අන්තිම මොහොතේ විරෝධතා ගොනු කරලා ප්‍රතික්ෂේප වුනත් ඊළග පියවරත් දැන්ම සැලසුම් කරන අවදානමත් ගත යුතුයි. මොකද ගෝඨාභය වළක්වන්න හැම තුරුම්බුවක්ම ගහන්න ඉඩ තිබෙනවා. අපතේ යන ඇප මුදලට වඩා එවන් අවදානමකටත් සුදානම් වීම රටට වැදගත් වෙන්නේ මේ අන්තිම අවස්ථාව නිසා.

රත්තනදෙණියේ මේධානන්ද හිමි

උපුටා ගැනීම රත්තනදෙණියේ මේධානන්ද හිමියන්ගේ ෆේස්බුක් ගිණුමින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button