BREAKING NEWSEXCLUSIVEPOLITICS

රනිල් කියන්නේ කැරලිකාර ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගත් වත්මන් නායකයා. – එස්.එම් චන්ද්‍රසේන

රනිල් වික්‍රමසිංහ යනු වර්තමානයේ බිහි වූ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයා බවත් ඒ නිසා ඔහුට රටවැසියන් ගෞරව කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරනවා.

එය මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම වැනි යමක් බවද ඔහු පැවසීය.

අරගලක මුවාවෙන් රට ගිනි තැබූ කැරලිකාර ත්‍රස්තවාදීන් විසින් තමන්ගේ නිවස ද ගිනිබත් කර තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා රටේ පාලනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලද බවද හෙතෙම පැවසීය.

අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button