BREAKING NEWSEXCLUSIVE

පච රණවකගේ එන්නත් පච

කොවිශීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත් සම්බන්ධයෙන් පාච රණවක මහතා ඊයේ කියා ඇත්තේ අමූලික බොරුවකි.ඔහුට අනුව “ඉන්දුනීසියාව 2020 නොවැම්බර් මාසයේ කොවිශීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ඩොලර් 1.6 ට ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලබා ගෙන ඇත්තේ ඩොලර් 16 කටය”.

කොවිශීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා නිපදවූ ඉන්දියාව එම එන්නත ලබා දීම ඇරඹුවේ 2021 ජනවාරි 19 දිනය.
ශ්‍රී ලංකාව ඉන් දින 10 කට පසු 2021 ජනවාරි 29 දිනය.
ඉන්දුනීසියාවට කොවිශීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා ලැබී ඇත්තේද 2021 මාර්තු 8 දිනය https://www.who.int/indonesia/news/detail/09-03-2021-indonesia-received-the-first-batch-of-covid-19-vaccines-from-the-covax-facility

කොවිශීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත නිපදවන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි. එය ඉන්දියා රජයට ලබා දී ඇත්තේ ඩොලර් 4.05 ටය. ඉන්දියාවේ පෞද්ගලික අංශයට ඩොලර් 7.95 ටය. ශ්‍රී ලංකාවට ඩොලර් 5.25 ටය. එය ශ්‍රී ලංකාව ලබා ගත්තේ ඩොලර් 16 ට බව පැවසීම අමුලික බොරුවකි.

මේ මිල තීරණය කලේ ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය පත් කල ඉහල රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගිනි. ඔවුහු වාර ගණනාවක් සීරම් ආයතනය සමග සාකච්ජා කර මෙම එකගතාවයට එළඹිණි. පසුව මෙම මිල සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button