BREAKING NEWSEXCLUSIVE
රාජිතගේ සුදු වෑන් රියදුරන් සී.අයි.ඩී හතරවෙනි තට්ටුවට – සියලු තොරතුරු හෙළිකරයි

පසුගිය දිනවල ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සුදු වෑන් රියදුරන් ලෙසී සිටි පුද්ගලයින් දෙදෙනා මේ වන විට රහස් පොලිසියේ සුප්‍රසිද්ධ සිවුවෙනි තට්ටුවට ගෙන ගොස් තිබේ. ඒ ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහාය.
මෙලෙසට ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ දැඩි ලෙස බියට පත්ව සිටිනා ඔවුන් දෙදෙනා විසින් දැනට මේ ක්‍රියාව සම්බන්ධයෙන් සියලූම තොරතුරු හෙළිකරමින් සිටිනා බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිවු වෙනි මහල සැලකෙන්නේ පහසුවෙන් අපරාධ හෙළිනොකරනා සහ කතා නොකරනා විශේෂ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ සඳහාම පුහුණු වූ විමර්ශන නිළධාරීන් සේවය කරනා පරිශ්‍රයකි.