BREAKING NEWSEXCLUSIVE
රාජිතගේ සුදු වෑන් රියදුරන් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් වෙස් ගන්වා සුදු වෑන් රියදුරන් ලෙසට මාධ්‍ය හමුවක රංගනයක නිරත වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට පත්වී තිබේ.
ඊයේ රාත්රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ නමුත් මෙම තොරතුරු පොලිසිය විසින් නිල වශයෙන් තහවුරු කර නැත
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කන්න දැමූ බවත් එම සුදුවෑන් රථයක රියැදුරු ලෙස තමන් කටයුතු කල බව එක් අයෙක් පැවසීය.
අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්රභාකරන්ගේ රත්රන් ටොන් 7000ක් කොළඹට ගෙනැවිත් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන්නේ තමන් විසින් බවයි.