GOSSIP NEWSVIRAL NEWS
රාජිත තවමත් ගෙදර ආවේ නෑ – රාජිතගේ පවුලේ සාමාජිකයන්ගෙන් අමුතු කතාවක්

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති රාජිත සේනාරත්න මේ වනවිට අතුරුදහන්ව සිටිනවා.
එලෙස සැඟව සිටිනා රාජිත සේනාරත්නගේ පෞද්ගලික නිවාස කිහිපයක් සහ නිල නිවාසය පරීක්ෂා කළද පොලීසියට රාජිත සේනාරත්න සොයා ගැනීමට හැකි වුනේ නැහැ.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ සහ කළුතර පිහිටි ඔහුගේ සුපිරි නිවාස දෙකකට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ට එම නිවෙස්හි සිටි රාජිත සේනාරත්නගේ පවුලේ සාමාජිකයන් සහ සේවකයන් පවසා ඇත්තේ රාජිත සේනාරත්න මන්ත්රීවරයා මෙම කිසිම නිවසකට මේ දක්වා නොපැමිණි බවය.