BREAKING NEWSPOLITICS

රාජිතගේ සුදු වෑන් කිඹුලන් දෙදෙනා CID අත්අඩංගුවේ – 04 වැනි තට්ටුවේදී සියල්ල වමාරයි

පැවති ජනාධිපතිවරණයට පෙර දිනයක ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව පැවැත් වූ පුද්ගලයන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රියේදී රහස් පොලිසිය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

රහස් පොලිස් මූලස්තානයට මෙම පුද්ගලයන් ගෙනැවිත් ප‍්‍රශ්ණ කරමින් ඇතැයිද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කර කිඹුලන්ට කන්න දැමූ බවත් එම සුදුවෑන් රථයක රියැදුරු ලෙස තමන් කටයුතු කල බව එක් අයෙක් පැවසීය.

අනෙක් පුද්ගලයා සිටියේ ප්‍රභාකරන්ගේ රත‍්‍රන් ටොන් 7000ක් කොළඹට ගෙනැවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන්නේ තමන් විසින් බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button