BREAKING NEWSEXCLUSIVE

රාජිත සේනාරත්න සැඟව සිට ඇත්තේ කරූ ජයසූරියගේ නිවසේ බව හෙළිවේ

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී නීතිය සහ අධිකරණය මඟ හැර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟව සිට ඇත්තේ කතානායක කරූ ජයසූරියගේ නිවසේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඊයේ (26) පස්වරුවේ රාජිත සේනාරත්න රෝහල් ගත වූ අතර එලෙසට පැමිණ ඇත්තේ කලු වර්ණයෙන් ආවරණය කළ වාහනයක බව වාර්තා වේ. මෙම වාහනය රාජිත සේනාරත්න රෝහලට ඇතුල් කර ඉන්පසුව පිටව ගොස් ඇත්තේ කරූ ජයසූරියගේ නිවසටයි.

රාජිත රෝහල් ගත කළ වාහනයේ රියදුරා වශයෙන් කටයුතු කර ඇත්තේ වසර ගණනාවක් තිස්සේ කරූ ජයසූරියගේ පුද්ගලික රියදුරා වශයෙන් කටයුතු කළ පුද්ගලයා බවද අනාවරණය වී තිබේ.

නීතියට අනුව පාර්ලිමේන්තු කතානායකවරයාගේ නිවස පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශයන්ට විශේෂ අවසර ලබා ගත යුතු අතර එම වරප්‍රසාද භාවිතා කරමින් කරූ ජයසූරිය රාජිත සේනාරත්නට නීතිවිරෝධි අන්දමින් රැකවරණ ලබා දී තිබෙන බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button