BREAKING NEWSEXCLUSIVE

රාජිත C.I.D හතරවෙනි තට්ටුවට – අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

සුදු වෑන් රියදුරන් ලෙසට පුද්ගලයන් වෙස් ගන්වා අසත්‍ය තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි හෂීම් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මොවුන් දෙදෙනා රහස් පොලිස් මූලස්ථානය කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී. ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඒවා නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි දී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා කිඹුලන්ට කන්න දැමූයේ යැයි ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ පුද්ගලයන් දෙදෙනා විසින් මේ වන විට හෙළි කර ඇති කරුණු මත මෙම ප‍්‍රශ්න කිරීම සිදු කෙරේ.

අදාළ මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් දෙදෙනාටම ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයා බවද සැකකරුවන් පාපොච්චාරණය කර ඇත.

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button