බියට පත් වී සිටිනා රාජිත සේනාරත්නගෙන් යළිත් ඇප අයදුම්පතක්.!

ආන්දෝලනාත්මක සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නැවතත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
වාර්තා වන්නේ රාජිත ඉදිරිපත් කළ නව අපේක්ෂිත ඇප අයදුම්පතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන චෝදනා කවරේද යන්න සඳහන් කර තිබේ.
හිටපු අමාත්‍යවරයා විසින් සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීට පෙර ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
එම ඇප අයදුම්පතේ නිශ්චිතව ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කවර චෝදනා යටතේ ද යන්න සම්බන්ධයෙන් සඳහනක් කර නොතිබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙනි.
මේ දිනවල තමන් අත්අඩංගුවට ගනීයැයි, සිය නිවසේ සැප අහිමිව සිර ගෙදර සිටීමට සිදු වේවියැයි රාජිත සේනාරත්න දැඩි ලෙස බියෙන් පසුවන බවද වාර්තා වේ.