BREAKING NEWSEXCLUSIVE

සැඟවී සිටිනා රාජිත දුටුතැන අල්ලා පොලීසියට භාර දෙන්න – ත්‍යාග දිනා ගන්න මහජනතාවට අවස්තාවක්

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟවී සිටියි.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට අයත් කොළඹ සහ බේරුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස දෙකක්ම අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කළද එම නිවාස වලින්ද ඔහු පළා ගොස් තිබෙන බව වාර්තා වේ.

රාජිත සේනාරත්න සොයා තවත් නිවාස කිහිපයක් මෙන්ම පෞද්ගලික රෝහල් කිහිපයක් ම සොයා බැලු නමුත් ඔහු ඒවා එකකවත් සොයා ගැනීමට නොහැකිවී තිබේ.

වාර්තා වන්නේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද නොමැතිව ජංගම දුරකථනය පවා ක්‍රියාවිරහිත කරගෙන සැඟව සිටිනා බවයි

මේ අනුව නීතියෙන් පළා යන්නෙක් වී සිටිනා රාජිත සේනාරත්න දුටු තැන අල්ලා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එලෙස රාජිත සේනාරත්න අල්ලා දෙන පුද්ගල‍යෙකුට ත්‍යාග මුදලක් ලබා දීමට සුදානම් බවද පොලීසිය පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button