BREAKING NEWSEXCLUSIVE
රාජිතට අල්ලස් පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න – රජයේ වෛද්‍ය නිළධාරීන් දැඩි මතයක

සුදු වෑන් සිදුවීම පිළිබඳ ඇප මත මුදාහැර සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අල්ලස් පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි වංචා සිදුකර තිබෙන බවත්, ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.
නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක කළහොත් මෙරටේ වැරදි කළ සියලුමදෙනාට දඬුවම් ලබාදීමට හැකිවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළා.
ප්‍රතිපත්තිමය කාරණා මත රට ගෙන යන වැඩපිළිවෙළට බාධා කිරීමට පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් බාධා කළහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය වැළැක්වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද වෛද්‍ය නවීන් ද සොයිසා එහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.