GOSSIP NEWSVIRAL NEWS

සේනාරත්‍න පවුලේ බිරිඳ, පුතා සහ පියා තිදෙනාටම පාර්ලිමේන්තු යන්න රාජිත සේනාරත්නගෙන් සැලසුමක්

එළඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තරග නොකිරීමට තීරණය කර තිබේ. පසුගිය සමයේ ඔහුට එරෙහිව එල්ල වූ අප්‍රසාදය හා චෝදනා මූලීක කරගෙන මන්ත්‍රීවරයා මෙම තීරණය ගෙන තිබේ.

ඒ වෙනුවට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් රාජිත සේනාරත්න වෙනුවටට ඔහුගේ බිරිඳ සුජාතා සේනරත්න තරග කරනු ඇතැයි වාර්තා වේ.

රාජිත සේනාරත්නගේ පුතු චතුර සේනාරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වෙමින් සිටී.

මේ අනුව බොහෝවිට එළඹෙන පාර්ලිමේන්තුවේ සේනාරත්න පවුලේ බිරිඳ, සැමියා සහ දරුවා තිදෙනාම පාර්ලිමේන්තුවේදි දැකගැනීමට ඉඩක් ඇතිබවට දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button