BREAKING NEWSEXCLUSIVE
රෝහල්ගත වූ රාජිත දැඩි සත්කාර ඒකකයට – රෝහල් පරිශ්‍රය පුරා පොලිස් රැකවල් යෙදවේ

නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහලට ඇතුලත් වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාති‍්‍රයේ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී තිබෙනා මන්ත්‍රීවරයා රාතී‍්‍ර 07.30 ට පමණ රෝහල් ගත වුනා. රාජිත සේනාරත්න ඇතුළත් කර ඇත්තේ එම රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය වෙත බව ද වැඩිදුරටත් වාර්තා වුණා.
අද අලූයම වනවිටත් රාජිත සේනාරත්න රැඳී සිටිනා පෞද්ගලික රෝහල් පරිශ්‍රය තුළ පොලිස් නිලධාරීන් රැඳී සිටි බව වැඩිදුරටත් වාර්තා වුණා.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ඉකුත් 24 වනදායි.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍යවරයා රැඳී සිටින බවට සැකකෙරෙන ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක් කළ ද ඔහු එම ස්ථානවල රැඳී සිටියේ නැහැ.