GOSSIP NEWSVIRAL NEWS

“පැරසිටමෝල් ගෙන්වීමටවත් සෞඛ්‍ය අමාත්‍යංශයට සල්ලි නෑ – රාජිත ගසා කාලා” – වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරන ලද දූෂණ ක්‍රියාවන් හේතුවෙන් අද වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැරසිටමෝල් ගෙන්වීමට හෝ මුදල් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළි කරනවා.

ඊයේ දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව කියා සිටියා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සමග එක්ව දූෂණ කටයුතුවල නිරත වූ පිරිස් තවදුරටත් එම තනතුරුවල සිටින බවයි.

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන වංචා හේතුවෙන් නව සෞඛ්‍ය ඇමැතිවරියටද සියල්ල පසෙකලා ඖෂධ ගැනීමට සඳහා මුදල් සෙවීමට සිදුව ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවී ඇති වංචා දූෂණ සෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පත්කළ විශේෂ කොමිසම් සභා වාර්තාව වත්මන් ජනාධිපතිවරයා ලැබී ඇති බවත් එහි පරිවර්තන කටයුතු අවසන් වූ වහාම දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා අල්ලස් පනත යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් ජනාධිපතිවරයා එකඟ වූ බවද ඔහු කියා සිටියේය.

සෞඛ්‍යය පිළිබඳ ජාතික වැඩපිළිවෙළ ජනාධිපති කාර්ය සාධක බලකායක් මගින් ක්‍රියාවට නැංවීම නව ජනාධිපතිවරයා එකඟත්වය පළ කිරීමෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කිරීමට හැකිවනු ඇති බවද වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button