BREAKING NEWSPOLITICS

රාජිත වැලිකඩ යන්න සැරසේ – නීතිඥයන්, විරෝධතා, මාධ්‍යහමු ලහිලහියේ සුදානම්

තමන් ඉක්මනින්ම අත්අඩංගුවට පත්වීමට නියමිත බව හිටපු ඇමැති රාජිත සේනාරත්න තම සමීපතම හිතවතුන් සහ ආධාරකරුවන් සමග පවසමින් සිටින බව වාර්තා වේ.

ඊයේ දිනයේ චම්පික රණවක අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද එහි පැමිණි ඔහු එහි පිටි පිරිස් සමගින් ඒ බව සදහන් කර තිබේ. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

අධිකරණයේ පෙනී සිටීම සදහා නීතිඥයන් සූදානම් කිරීම මේ වන විටත් ඔහු සිදුකර ඇත.

තමන් අත්අඩංගුවට ගත් පසු මාධ්‍ය හමු පවත්වන ආකාරය, විරෝධතා පවත්වන ආකාරය ඇතුළු ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ආධාරකරුවන් සහ සමීපතම දේශපාලනඥයන්ට ඔහු විසින් උපදෙස් දෙමින් ඇතැයිද සදහන්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button