GOSSIP NEWSVIRAL NEWS

“මට අතීතය අමතක නෑ, මාව හිරේ දාන්න රාජිතත් කඩේ ගියා” රාජිත හිරේ දැම්මාට ෆොන්සේකා සතුටින්.!

පාර්ලිමේන්තු රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීම පිළිබඳ තමන් සතුටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

2010 වසරේ දී තමන් අත්අඩංගුවට ගනිද්දී එදා ඊට සහයෝගය පල කල පාර්ශවයේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාද සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිහිපත් කරනවා.

අද හිරගෙවල් වල ලගින්නට වී ඇති රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට තමන් විසින් කළ දේවල් සිහිපත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදී බොරු කඩදාසි පෙන්වමින් පහර ගැසූ බවද කී ෆොන්සේකා එම අතීතය තමන්ට අමතක නැතැයි සඳහන් කළේය.

උත්සව අවස්තාවකින් පසු සහභාගි පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

මෙය දිට්ඨ ධම්මවේද කර්මය පල දීමක්දැයි මාධ්‍ය කල විමසීමේදී මන්ත‍්‍රීවරයා එය ප‍්‍රතික්‍ෂෙප නොකල අතර කැමැත්තක් හිතාගන්නැයි පමණක් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button