BREAKING NEWSEXCLUSIVE

රාජිත නිසා ගෝඨාට දැමීමට තිබූ තවත් පෙත්සමක් වැළකේ

හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) දින ඉදිරි ජනපතිවරණය සදහා නාමයෝජනා ලබා දුන්නා.

එහිදි ඔහුට විරුද්ධව කිසිදු තාක්ෂණික කරුණක් මුල් කරගෙන විරෝධතාවයක් පැන නැගුනේ නැත.  ඊයේ දින ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කිරීමට විරෝධතාවයක් සුදානම් කරගෙන තිබූ නමුදු එය අද දින ඉදිරිපත් වූයේ නැත.

මෙම පෙත්සම හා විරෝධතාවය ජවිපෙ නායක අනුර කුමාර දිසානායකත්, එජාප අමාත්‍යවරුන් වන මංගල සමරවීර හා මලීක් සමරවික්‍රම අතර සාකච්ඡා වලින් තීරණය කර තිබූ අතර අද දින ඒවා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඒ අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඊයේ දින සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් නිසා බව වාර්තා වේ.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ මාධ්‍යයට ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අද (07) ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට නියමිතව තිබෙනා බවයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමග ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස කලබලයට පත් වූයේ ජවිපෙ අභ්‍යන්තර තීරණ රාජිත සේනාරත්න පුරෝකථනය කිරීමෙන් ජවිපෙ – එජාප අභ්‍යන්තර සබදතාවය රට ඉදිරියේ හෙළිදරව් වීම හේතුවෙනි.

මේ හේතුවෙන් ජවිපෙට පියවරක් පසුපසට ගැනීමට සිදු විය. මන්ද අද ඔවුන් විරෝධතාවය හා පෙත්සම ඉදිරිපත් කළා නම් අමාත්‍ය රාජිතගේ ප්‍රකාශය සත්‍ය වී ජවිපෙ – එජාප සම්බන්ධය හෙළිදරව් වීම සිදුවන නිසාය. එම නිසා ජවිපෙ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළේය.

මේ හේතුවෙන් මලීක් සමරවික්‍රම අමාත්‍යවරයාට අනුර කුමාර දිසානායක මහතා දන්වා ඇත්තේ පෙර සැලසුම් කළ නාමයෝජනා විරෝධතාවය හා පෙත්සම සිය පක්ෂය විසින් අද දින ඉදිරිපත් නොකරන බවය. තමන්ට එම තීරණය ගැනීමට සිදුවූයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිසා බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබේ.

ඒ අනුව අද දින ජනපතිවරණයට නාමයෝජනා විරෝධතා ලබා ගන්නා මොහොතේ අනුර කුමාර දිසානායක විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයෝජනාවට සිදු කිරීමට තිබූ විරෝධතාවයත්, ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ පෙත්සමත් ඉදිරිපත් වීමකින් තොරව වැලකුණි.

ඒ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙනි.

අනුර කුමාර දිසානායක මහතා හා එජාපය එක්වී අද දින ඉදිරිපත් කිරීමට සකස් කරගෙන තිබූ නාමයෝජනා විරෝධතාවය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button