අත්අඩංගුවට පත් වේ යැයි බියෙන් රාජිත රෝහල් ගත වීමට සුදානම්

ඉදිරි දින දෙක තුන ඇතුළත තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමට නිර්දේශ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසී ඉල්ලා තිබේ,
නමුත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පරීක්ෂා කර ඇති වෛද්‍යවරයා පවසා ඇත්තේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමට තරම් අසනීප තත්ත්වයක් හෝ ශාරීරික දුබලතාවක් නැති නිසා තමන්ට ඒ සදහා නිර්දේශ කල නොහැකි බවයි.
රාජිත සේනාරත්න පසුගිය දින වල සිදු කළ වංචා සියල්ල හෙළිවෙමින් පවතින නිසා කිසිඳු වරප්‍රසාදයක් ලබා ගෙන ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමද අදාල විශේෂඥ වෛද්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අදාල හිටපු ඇමතිවරයා හා බැඳුනු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද කටයුතු කෙරෙමින් තිබේ.
මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ රාජිත සේනාරත්න තමන්ව අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලමින් පෙර ඇප අයදුම්පතක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවයි.
Simply desire to say your article is as surprising. The clearness in your post is just great and i could assume you are an expert on this subject. Well with your permission allow me to grab your feed to keep up to date with forthcoming post. Thanks a million and please continue the gratifying work.| а