GOSSIP NEWSVIRAL NEWS

ගෝඨාභයට සහය දෙන්න ආ රාජිත සේනාරත්න ආපසූ හරවා යවයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමටත්, එම පක්ෂයේ ජනපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමටත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ඉල්ලීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේත්, මන්ත්‍රී කණ්ඩායමේත් දැඩි විරෝධය හේතුවෙනි.

රාජිත සේනාරත්න මහතා පොදුජන පෙරමුණට එක්වීමට ඉල්ලීම් කළා යැයි පුවත කන වැකුණු සැණින් පොදුජන පෙරමුණට සම්බන්ධ වෛද්‍ය සංවිධානද විපක්ෂ නායකවරයාට දැඩි විරෝධයක් එල්ල කර තිබුණි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාට ඔවුන් ප්‍රකාශ කර තිබුණේ රාජිත සේනාරත්න පොදුජන පෙරමුණට එක්වූවහොත් මෙරට සෑම වෛද්‍යවරයෙක්ම පොදුජන පෙරමුණෙන් ඉවත් වන බවයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ඔහු සිය පක්ෂයට එක්කර ගත නොහැකි බව අද (06) පස්වරුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

මෙරට දේශපාලන ඉතිහාසයේ විශාල පිල් මාරුවීම් රැසකට සම්බන්ධ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බොහෝ විට පරාජය වීමට ආසන්න කඳවුර ප්‍රථමයෙන්ම හඳුනාගෙන ජයග්‍රාහී කඳවුරට පැනගන්නෙක් ලෙස ඉතිහාසය පුරා ප්‍රකටය.

2010 ජනපතිවරණයේදි එජාපයේ සිට මහින්ද රාජපක්ෂ රජය සමග එක්වූ රාජිත සේනාරත්න මහතා 2015දී එජාපය සමග එක්විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button