BREAKING NEWSPOLITICS
රාජිත සැගවෙයි – නිසි වෙලාවට අධිකරණයට ඉදිරිපත් වේ යැයි පාඨලී කියයි

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නියෝග කර ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න මේ වනවිට සිය නිවසින් බැහැර ගොස් සැඟවී තිබෙන බව වාර්තාවේ.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අද පෙරවරුවේ ඔහුගේ නිවසට ගියද ඔහු එම නිවසේ නොසිට ඇත.
මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ක්රියාත්මක ඊලග පියවරයන් ආරක්ෂක අංශ ක්රියාත්මක කොට තිබේ
මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ රාජිත සේනාරත්න රෝහල් ගත වී හෝ රෝහල් ගත වීමට සූදානමින් සිටින බවයි.
කෙසේ වෙතත් අද දින පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පැවසූවේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනු ලැබ සිටින රාජිත සේනාරත්න නිසි වේලාවේදී අධිකරණයට ඉදිරිපත් වනු ඇති බවයි.