“රාජිතයි පාඨලීයි එකතු වුනොත් මීට වඩා ගේම් ගහයි” ස්විස් නාටකයේ බොරුව හෙළිවේ

මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රියාලතා පෙරේරා නම් කාන්තාවක් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ලෙසට සිය නම වෙනස් කර ගනිමින් සිදු කළ පැහැර ගැනීම් කුමන්ත්‍රණය පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන්නා.
මේ වනවිට එම පැහැරගැනීම් චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සිදු කළ පරීක්ෂණ වලින් මේ බව අනාවරණය කර ගෙන තිබේ.
මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව රජය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඊයේ (10) රාති‍්‍රයේ ආණ්ඩුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී “මේක සම්පූර්ණ බොරුවක් කියන එක තහවුරු වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙක පිටුපස සිටින කුමන්ත්රණකරුවන් සොයා ගන්න එක විතරයි.” යනුවෙන්ද සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ “රාජිතයි පාඨලීයි එකතු වුණොත් ඔයිට වඩා වැඩ කරයි. අපි ඒ දෙන්නා ගැනම බලාගෙන ඉන්නේ” යනුවෙනි.