BREAKING NEWSEXCLUSIVE

“සර්, ගෝඨාභයගෙන් අප බේරාගන්න” රාජිත හා පාඨලී අගමැති මහින්ද ලඟ දණින් වැටේ

සංදීප් නම් තරුණයෙක් රිය අනතුරකට ලක් කර පළා යාම සහ සුදු වෑන් රියදුරන් යැයි පුද්ගලයන් දෙදෙනෙකු මාධ්‍ය හමු වලට ඉදිරිපත් කිරීමේ නඩු කටයුතු වේගවත් කිරීම සමග එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න අතිශය බියට පත්වී තිබෙන බව වාර්තා වේ.

මේ අනුව මන්ත්‍රීවරුන් දෙදෙනාම අගමැති මහින්ද රාජපක්ෂ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් වරදක් සිදු කළා නම් දඬුවම් ලැබීම අනිවාර්ය බවත්, බහුතරයක් ජනතාවගේ අපේක්ෂාව එය බවත්ය.

මේ අනුව සංදීප් අනතුරට ලක් කර පලා යාම පිළිබඳව පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියැදුරාට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම අනතුරින් සංදීප් සදාකාලික ලෙස අබාධයට ලක් වූ අතර පුදුමාකාර ලෙස ආසන්න මාර්ග වල තිබූ සීසීටීවී දර්ශන ද සියල්ල මැකී ගොස් තිබිණි.

මේ අතර දැඩි ලෙස කලබලයට පත්ව ඇති රාජිත සේනාරත්න ඊයේ රාත්‍රියේ සිටම නිදි වර්ජිතව අවස්ථා ගණනාවකදීම ප්‍රබලයන් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඇත.

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button