BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගුරු වර්ජකයන්ට එරෙහිව නැගී සිටි ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධූරයෙන් ඉවතට..!

ශ්‍රී ලංකා කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කර සිටිනවා.

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද රැස්වූ අතර රාජා කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට එහිදී පියවර ගෙන තිබේ

වයඹ ආණ්ඩුකාරධූරය ද දරන කොල්ලුරේ මහතා ඉකුත් දා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩවර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම කෙරෙහි සලකා බලන බව සඳහන් කළා. කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය ආන්දෝලනාත්මක වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල දැඩි ප්‍රශංසාවට මෙන්ම විවේචනයට ද ලක් වුනා.

කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය කොමියුනිස්ට්  පක්ෂය ද හෙළා දැක තිබූ අතර එම ප්‍රකාශය නිසා ඔහු පක්ෂ තනතුරින් ඉවත් කර ඇතැයි බවටද ප්‍රකාශ වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button