GOSSIP NEWSVIRAL NEWS

අසත්‍ය කියමින් රාගම රෝහලටම කොරෝනා බෝ කළ පුද්ගලයාට නඩු

හෘදයාබාධයක් වැළදී ඇති බව පවසමින් රාගම රෝහලට ඇතුලු වූ කොරෝනා වෛරසය ආසාදිත වී සිටි පුද්ගලයාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොණු කර තිඛේ.

අදාල පුද්ගලයා තමාට හෘද රෝගයක් ඇති බව පවසමින් රෝහලට ඇතුලත් වී තිබුණා. ඒ වන විටත් ඔහුට කොරෝනා රෝග ලක්ෂණ තිබී ඇති අතර ඔහු එය වෛද්‍යවරුන්ගෙන් සගවා තිබේ.

මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව පසුව අනාවරණ වී ඇත. මොහු ඔවුන් සමග සාදයකටද එක්ව තිඛේ.

මෙම පුද්ගලයා විසින් චේතනාන්විතව සත්‍ය තොරතුරු වසන් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ඒ අනුව අදාල පුද්ගලයාට සහ ඔහුට මෙම වරදට අනුබල දුන් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මෙම පුද්ගලයා සිදුකළ වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් ඔහුට ප්‍රථිකාර කළ වෛද්‍යවරු / හෙදියන් හා අදාල වාට්ටුවේ සිටි රෝගීන් ද නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරිමට සිදුව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button