රට පුරාම ජාවාරම් දූෂණය පැතිරිලා – සජිත් කියයි

දැනටත් රට පුරා මගඩි රැසක් ක්‍රියාත්මක වන අතර, එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය,තව පැත්තකින් ඇන්ටිජන් මගඩිය ,තවත් පැත්තකින් ඖෂධ ජාවාරම ජයටම සිදුවෙන බවත් මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා .
අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන අතර විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බව ද පැවසීය.
ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව ලබාදෙන බවද පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ “විපක්ෂයෙන් හුස්මක්”25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු.3,090,000.00) වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.අදාල පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ අද (09) විපක්ෂ නායක කාර්යාලයේ දී ය .