BREAKING NEWSEXCLUSIVE

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා මිලියන 600ක වියදමක්!

දකුණු කොරියාවේ සිට අද ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායන කඳවුර වෙත යොමු කෙරුනු 166 දෙනා සහ ඉදිරියේදි ශ්‍රී ලංකාවට අවදානම් සහගත රට වලින් පැමිණෙන පිරිස දින 14ක නිරෝධායන කටයුතු සඳහා රජය විසින් රුපියල් මිලියන 600ක වියදමක් දරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොරෝනා වැළදි ඇත්දැයි තහවුරු කර ගැනීමට සිදු කරන පරීක්ෂණය සිවු වරක් කළ යුතු අතර, එක්වරක් මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා වැය වෙන මුදල රුපියල් දාහත්දාහක් (17,000/=) වනවා. මේ අනුව එක් අයෙකු සඳහා වෛද්‍ය පරීක්ෂණ සදහා වැය වෙන මුදල රුපියල් 64,000ක් වනවා.

මෙයට අමතරව ආහාර, පාන සහ වෙනත් අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමටද රජය විසින් මෙලෙසට මුදල් වෙන් කර තිබෙන බව වාර්තා වෙනවා.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ මේ වනවිට සීග්‍රයෙන් කොරෝනා පැතිර යමින් තිබෙනා අතර, ඒ හේතුවෙන් එම රටවල සේවය කළ ශ්‍රී ලංකා ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා.

ඔවුන් සියලූම දෙනා දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සිදු කිරීමට සිදුව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button