BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

අද රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය

අද රාත්‍රී 10 සිට හෙට අලු‍යම 4 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

අද සිට බල පැවැත්වෙන පරිදි සෑම දිනකම රාත්‍රී 10 සිට ඊට පසුදින අලුයම 4 දක්වා ඇඳිරි නීතිය පැනවීමටයි ඊයේ රජය තීරණය කළේ.

ඒ අනුව පොලිස් මාර්ග බාධක යොදවා නිරෝධායන ඇදිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button