නිරෝධායන ඇඳිරිනීතිය දිගු කෙරේ

නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 වන අඟහරුවාදා අලුයම 4 දක්වා යළි දීර්ඝ කෙරුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදීයි මෙම තීරණයට එළඹුනේ.
පවත්නා කොරෝනා ව්‍යාප්තිය පිළිබද විශේෂ අවධානය යොමු කර දීර්ඝ සාකච්ඡාවකින් පසුව නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 අලුයම 4 දක්වා යළි දීර්ඝ කිරීමට මෙසේ තීරණය කර තිබෙනවා.
ඇදිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩ පහතින් වේ….
Kingsly Rathnayaka – ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවි’ඩ් ම ර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නී ති කා ලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.
Keheliya Rambukwella- Lockdown will stay in effect till (21/09). With numbers steadily declining, we’re confident that lka will once again be able to reopen without risk. Pl adhere to the regulations, use this time to GetVaccinated, StayHome & WearAMask.