Uncategorized
“සුදුසුකම් හදාගන්න.. නායකත්වය ඔබව හොයාගෙන එයි” – ජනමාධ්‍ය ඇමති ඩලස්

නායකත්වයේ අර්බුදයක් තිබෙන සමාජයක කිසිදිනෙක නායකත්වය ඉල්ලාගෙන යෑම නුසුදුසු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ නායකත්වයට සුදුසුකම් ඇති කරගත් විට නායකත්වය විසින් ඔහුව සොයාගෙන එනු ඇති බවයි.
“අපේ රටේ තිබෙන ප්‍රධාන අර්බුද වලින් මව් අර්බුදය තීන්දු තීරණ ගන්න කණ්ඩායම් ඇතුළේ නායකත්වයේ ලක්ෂණවල තිබෙන අඩුව..
මම ඉන්න පාර්ලිමේන්තුවේ සිටම ඒක එහෙමයි..”
“රට සුවපත් කිරීමේ වගකීමේ දී නායකත්වයේ අර්බුදයක් තියෙන සමාජයක ජීවිතයේ කවදාවත් නායකත්වය ඉල්ලගෙන එන්න එපා..”
“නායකත්වයට සුදුසුකම් හදාගන්න..
ඊට පස්සේ නායකත්වය ඔබව හොයාගෙන එයි..”