BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

“ වහාම අවි බිම තබා යටත් වන්න”- රුසියානු ජනාධිපති යුක්රේන හමුදාවට දැනුම් දෙයි .

තව තවත් ජීවිත හා දේපල හානි සිදුකර ගැනීමකින් තොරව වහාම අවි බිම තබා යටත් වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යූක්‍රේන හමුදාවන්ට දැනුම් දී තිබෙනවා.

බෙලරූස් දේශසිමාව හරහා රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර, රුසියාව සහ යූක්‍රේනය අතර ගැටුම් මේ වන විට උග්‍ර අතට හැරෙමින් පවතින අතර යූක්‍රේනයේ කර්මාන්තශාලා ගුවන්තොටුපොලවල් ඇතුළු බොහොමයක් රුසියානු ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේන් වැසියන් 100 දෙනෙක් මිය ගොස් ඇති අතර, රුසියානු ජෙට් සහ හෙළිකොප්ටර් යානා 5ක් යූක්‍රේනය විසින් පහරදී විනාශ කල බව යූක්‍රේන මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් තවමත් යූක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සමග දුරකථනය ඔස්සේ විශේෂ සාකච්ඡාවක නිරතවෙමින් සිටින අතර, යුක්රේන ජනාධිපතිවරයා මුළු රටටම යුධ නිතිය ප්‍රකාශයට පත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button